කුණාටුවකදී ළිහිණියකු ලෙස -1

තවමත් නොඇරඹුණු කුණාටුවක පූර්ව ලක්ෂණයක් වගේ සුළඟ වේගයෙන් කැරකෙන්නට පටන් අරන් තිබුණා.වෙරළේ පොල් ගස් ඇඹරෙන වේගයට ඉඳහිට මටුල්ලක්, දෙකක් විතරක් නෙවෙයි පොල් අතුත් සද්ද නඟාගෙන බිම ඇද වැටුණා…කළු වලාකුළු එකතු වෙවී ඇඹරෙන කොට මූසල කම යටපත් කරගෙන මහ බයංකාර කමකින් අහස පිරුණා..සිතිජයට ඔන්න මෙන්න හරියක කළු පාට වලා ගුළි අස්සේ ඉර තමන් ඉන්න තැන යාන්තමින් සළකුණු කරගෙන හිටියා….කාටදෝ මඟ පෙන්වන්න වගේ…නමුත් ඒ කාටදැයි දැනගන්න ක්‍රමයක් නම් කාටවත් තියෙන්න නැතිව ඇති..

මූද පැත්තෙන් කැරකිලා ගොඩබිමට ආව හුළං දහරකට මැදි වුණු ළිහිණියෙක් බොහොම වේගයෙන් ගොඩ බිම පැත්තට ඇදීගෙන ආවා….ඒ වෙනකොටත් තමන්ව ඇදගෙන යන සුළං කෝඩයට ඉඩ දීල පියාපත් විතරක් විහිදාගෙන ඉන්න ඌ තීරණය කරල තිබුණා…තමන්ගේ මහන්සියකින් තොරව ඉබේම සිදුවන මේ වේගවත් ඇදීයාම යම් උද්දාමයක්, තෘප්තිකර හැඟීමක් ඇතිකරවන නිසා ඌ ඒ සුළං දහරටම ඇලීගෙන හිටියා හිතින්…හරියට ඔබ මේ වචන වලට ඇළිලා කියෝගෙන යනවා වගේ…වෙහෙසකර යමක් නිරුත්සාහකව කෙරෙන ඉඩ ප්‍රස්ථා හරි අඩුයි. නමුත් මේ යන යෑම ඉවර කළ ගමන් අත්තටු රිදෙන්න ගන්න බව ළිහිණියාට දැනිල තිබුණා…

ළඟ ළඟම එන වැස්ස නිසා වාතය තෙත බරිත බව හොඳින්ම ආඝ්‍රාණය වුණා…ටිකින් ටික ගොඩ බිම පැත්තට ළං වෙනකොට කැරකෙන හුළඟ නිසා ඉහළට නැඟුණු දූවිලි වල කරදරකාරී කම ටිකින් ටික වැඩි වෙන හැටි හොඳටම දැනුණා…ළිහිණියෙක් උනාම වැස්සත්, තෙතබරිත කමත් ප්‍රශ්ණයක් නෑ..ඒක හරි සැපවත් අත්දැකීමක්..නමුත් මේ දූවිල්ලට නම් හිතේ ඒ තරම් කැමැත්තක් තිබුණෙ නෑ කවදාවත්. කොහොම උණත් මේ කුණාටු හුළඟත් එක්ක ආවා මිසක සාමාන්‍යයෙන් නම් මේ ගොඩබිම පැත්ත එහෙම එන්න අවශ්‍ය කළ හෝ ආසා කළ පෙදෙසක් නොවෙයි…..බෙල්ලන්, මත්ස්‍යයන්, මුහුදු අශ්වයන් ගැවසෙන, වඩදිය රැල්ලට සහමුළින්ම තෙමෙන ගොඩබිමින් ටිකක් ඈත තිබුණු ගල් වැටිය තමයි බොහෝ ළිහිණින්ට මෙන්ම ඌටත් නිත්‍ය වාසය වුණේ….

සෙස්ස පස්සට………….

Advertisements

About sithuminir

Simple and Ordinary. A person trying to live in the "present moment" and with freedom in mind.
This entry was posted in අකුරු වියමන්. Bookmark the permalink.

2 Responses to කුණාටුවකදී ළිහිණියකු ලෙස -1

  1. manju says:

    මොකක්ද මේ කුණාටුවක පෙර ලකුණ? හොඳට ගලාගෙන යනව.

  2. Chamalka Alwis says:

    නියමයි . අලුත් බ්ලොග් එකට මගෙනුත් සුබ පැතුම්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s