වීදියේ වැයෙන වෙණ

ජර්මනියේ බර්ලින් නගරය සංචාරක පුරවරයකි. එහි “සුන්දරත්වය” වැඩි කරවන මෙවන් පුද්ගලයෝ එහි බොහෝ වෙති. සංස්කෘතියක් ඇතිවන්නටත් විචිත්‍රවත් වන්නටත් ආර්ථික ස්ථරායනය ප්‍රබල සාධකයක් වෙයි. සංචාරකයාට සුන්දරත්වය දනවන්නේ තවත් මිනිසකු ගැන දුක්බර කතාවක්ම නොවේද?

ඡායාරූප ශිල්පය හදාරන්නන්ට-

මේ සේයාරුව ගනු ලැබූයේ සවස හතට පමණය. ඒ මොහොතේ මසිත ඇතිවූ හැඟීම් සේයාරුවට එක්කර ගන්නට ඒ මොහොතේ දිවා ආලෝකයේ පැවැති අධික වර්ණ උෂ්ණත්වය නිසා හටගත් මළානික නිල් පැහැයත් ඊට සාපෙක්ෂව අනෙක් වර්ණ උෂ්ණත්ව අන්තයට සමීප වුණු කහ විදුළි ආලෝකයේ පැහැයත් උපකාරී කර ගතිමි. එමෙන්ම එම ඉහළ මුල්ලේ සහ සම්පූර්ණ පසුබිමෙහි ඇති වර්ණ පරතරය සහ ත්‍රිමාණ අවකාශයේත් අංගෝපාංගයන්ගේත් භෞතික සංරචනය සංකේතීය අර්ථයකින්ද යොදාගන්නට උත්සාහ කෙළෙමි. ඔහු අත ඇති වයලීනයේ කහ-දුඹුරු පැහැය ඔහුගෙනුත්, පරිසරයෙනුත් ගැලැවී වඩා සමීප වනු පෙනෙන්නේ ඉහළ අවකාශයේ කහ පැහයටය. ලලිත කලාව සැමදා වැඩෙන්නේ, රැඳෙන්නේ ඉන් සංකේතගත වන අවකාශය තුළය. එය පහළ අවකාශය කරා පැමිණීම ය මෙහි ඇති සංකේතීයමය ගනුදෙනුව. අනෙක් සංකේතයන් සියල්ල ඒ කතාබහ සරු කරනු පිණිසය.

Advertisements

About sithuminir

Simple and Ordinary. A person trying to live in the "present moment" and with freedom in mind.
This entry was posted in රූප වියමන්. Bookmark the permalink.

One Response to වීදියේ වැයෙන වෙණ

  1. Janaka Priyadarshana says:

    It be nice to see shutter speed,aperture,ISO ,WB and lens with your picture.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s