අන්දරේගේ පරදේස ගමන…..1

අන්දරේ එදා උදේ රජවාසලට යනකොට වාසල ඉස්සරහ එකම ගාල ගෝට්ටියක්. එක එක මට්ටමේ රාජ පුරුසයො,රාජ ඉස්තිරියාවො, සිය ගාණක් පිරිලා. සමහරු ඉල්ලුම්පත්තර පුරෝනවා, නම් ලිස්ට් වගයක් එහාට, මෙහාට පියාඹනවා….එහෙං මෙහෙං හීනියට තර්ජන, ගර්ජන මාරු වෙනවා,පිංසෙණ්ඩු වෙනවා, කේවෙල් කරනවා, ඔමරි පානවා, යම යුද්දේ…..

අන්දරෙත් අමාරුවෙන් කට්ටිය අස්සෙන් රිංගාගෙන රාජ සභාව පැත්තට යන්ඩ මඟ පාදා ගත්තා…අඩි දහයක්කත් යන්ඩ උණේ නෑ….මහ ඇමති තුමා….!!

“අවසර ආඉබෝ වෙන්ඩ……”

“ආ…අන්දරේ..!!!…උඹ නං ඉතිං කොහොමත් යන එකනේ….නොවෙද??.”

මහ ඇමති තුමා පොඩි කින්ඩි ටෝන් එකකින් අහපි….

අන්දරේ උඩ බිම බැලුවේ ඇත්තටම මුකුත් නොදැනම නෙවෙයි…..කණිං කොණිං එහෙං මෙහෙං ඇහුණට රජ්ජුරුවො අන්දරේට කෙළිං මේ ගැන මුකුත් කියල තිබ්බෙ නෑ….ඔය ගැන පොඩි හිතේ නොරොක්කයක් තිබුණ වගේම පුංචි කාරණයක් උණත් රජ්ජුරුවෝ නොකියපු දෙයක් තමුං දන්න වග මහ ඇමතියා දැනගැනීම ඊට වඩා බයානක කාරණයක්…….

” තරහ අවසර ආඉබෝං, මොකද්ද…? මං දන් නෑනෙ හාංකවිසියක්…..”

“ඇයි බං, වාසල දොර ළඟ රාජ පුරුසයො අර දඟලන්නෙ….මේ සැරේ රජතුමාගෙ පිටදේසෙට යන ගමනට….එකසිය දොළහක් එක්ක යනවනෙ…..තව අට දොහයි….උඹ ඉතිං කොහොමත් යනවනෙ, උඹ නැතුව බෑනෙ අපේ රජ්ජුරුවන්ටත්, වලිගෙ වාගෙ..”

මහ ඇමති තුමාට කට වැරදුණා කියල තමන්ටම දැනුණත් රජතුමාගෙ වලිගයක් ගැන කියලා, අන්දරේ ඔය ඇමතිලා සෙට් එක වගේ ඔය වාගෙ කෑල්ලක් අල්ලාගෙන රජ්ජුරුවන්ට ගතු නොකියන එකෙක් බව දන්න හිංදම මහ ඇමති තුමා කියපු වචන එහෙමම ලිස්සලා යන්ඩ ඇරියා..අන්දරේත් පොයින්ට් එක අහු උණත් අතෑරල දැම්ම ඒ වෙලාවෙම…….

“ම්ම්හු….මටනං ඔය ගැන මොකවත් කීවෙ නෑ රජතුමා…සමහර විට මේ පාර මං නැතුව ඇති මයෙ හිතේ……අවසර එහෙනං…..”

අන්දරේ පුරුදු විදියට රජතුමාගෙ සිරි යහන් ගබඩාව පැත්තට ගියා……

රජතුමා බර කල්පනාවක, අන්දරේ එනකොට
‘පස්වාං දහසකට බුදු වෙංඩ අවසර……..’

“ඉඳගනින් අන්දරේ”
රජතුමා අවුලක……සෙස්ස පස්සට…..

Advertisements

About sithuminir

Simple and Ordinary. A person trying to live in the "present moment" and with freedom in mind.
This entry was posted in අන්දරේ මැරුණෙ නෑ. Bookmark the permalink.

One Response to අන්දරේගේ පරදේස ගමන…..1

  1. සෙස්ස පස්සට !!!! රජතුමා තවම අවුලක බවයි පෙනී යන්නේ…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s