Category Archives: අන්දරේ මැරුණෙ නෑ

අන්දරේ පිළිබඳ කතාවක් හෝ අසා නැතියකු සිංහල බස කතා කරන සමාජය තුළ සොයාගැනීම තවමත් මඳක් උගහටය.විවිධ රටවල ජන කතා අතර අන්දරේගේ කතා වලට සමානත්වයක් ඇති කතන්දර සොයා ගත හැකි වෙයි.බොහෝ දෙන විසින් හුදු උපහාසය මුසු කතා රසයකින් එහාට නොවින්දාට අන්දරේ චරිතය විවිධ පැතිකඩ ඔස්සේ විශ්ලේෂණය කළ විට එහි ඇති සමාජ-දේශපාලනික ගැඹුර මොනවට විශද වෙයි.
අන්දරේ හිටියේ කවදාද යැයි හෝ එහෙම කෙනෙක් හිටියාද කියා හෝ අපි දන්නේ නැත. නමුත් අද දවසට නම් අන්දරේ කෙනෙක් හිටියා නම් එහි වටිනාකමක් නැත්තේ නැති වන්නට ඉඩ තිබේ……

අන්දරේගේ පරදේස ගමන…..1

අන්දරේ එදා උදේ රජවාසලට යනකොට වාසල ඉස්සරහ එකම ගාල ගෝට්ටියක්. එක එක මට්ටමේ රාජ පුරුසයො,රාජ ඉස්තිරියාවො, සිය ගාණක් පිරිලා. සමහරු ඉල්ලුම්පත්තර පුරෝනවා, නම් ලිස්ට් වගයක් එහාට, මෙහාට පියාඹනවා….එහෙං මෙහෙං හීනියට තර්ජන, ගර්ජන මාරු වෙනවා,පිංසෙණ්ඩු වෙනවා, කේවෙල් කරනවා, ඔමරි පානවා, යම යුද්දේ….. … Continue reading

Posted in අන්දරේ මැරුණෙ නෑ | 1 Comment