තංගමණී, ශාන්තිනී……….

තංගමණී, ශාන්තිනී
උඹලා කසාද බැඳගෙන
අත්වැල් බැඳ කෝවිල් යන
පෝය දාට පන්සල් යන
හරි සුන්දර හීන මවපු

අර
කුලවත් බණ්ඩාරෙල
ආයු රක්ඛන්තු ආවඩා
ආයු රක්ඛන්තු ආවඩා
ගිනි බටේක සුදු නූලක්
දවටා දී ගියාට පසු

මම නම් තව දැක්කෙම නෑ
ඔය පැත්තේ ඉන්නවාද
නාග දීපෙ වඳිනවාද
නල්ලුර් එහෙමත් යනවද

පොඩි එකාට නම දෙනකොට
පවුල් අවුල් හෙම උණාද

Advertisements
Posted in අකුරු වියමන් | 1 Comment

සිහල කලා කරුවාණනේ….

යකඩ බට කට වටට
සවණක් රැසින් දිදුලන
ආලෝක මාලා පළඳන්න
ගිණි කණ වැටුණු දෑසින්
පසඟ බිම හොවනා ලෙසින්

එන්න එක්වී
එකම යායකැයි ඔබමැ කී
නව නිදහස් ගුවන සිසාරා
මානුෂීයත්වයේ
ජාත්‍යාලයේ
ජන මූල සංස්කෘතියේ
මිණි බැඳුණු තටු පැළැඳ

අපේ හදවත් හඳුණන
අපට පෙර මඟ කියා දෙන
සොඳුරු හදවත් ඇති
සිහල කලා කරුවාණනේ
සිහල කලා කරුවාණනේ

Posted in අකුරු වියමන් | 1 Comment

පරපුරක යථාව

Posted in අකුරු වියමන් | Leave a comment

තත්පරය ආතතියක

Posted in අකුරු වියමන් | Leave a comment

මහ කන්ද

Posted in අකුරු වියමන් | Leave a comment

ඇණයක්

Posted in අකුරු වියමන් | 1 Comment

නිබ්බුත

Posted in අකුරු වියමන් | 1 Comment

මහ වැහි

Posted in අකුරු වියමන් | Leave a comment

සිහින

Posted in අකුරු වියමන් | Leave a comment

නොනිඳා සිටිය යුතු වේ

එම්බා පන්හිඳ

නොනිඳා සිටිය යුතු වේ

ගෙවෙන දින, සති , මාස අතරේ

නුඹේ යුතුකම් ඉටු කරන්නට

 

යෝධයකු සේ නැඟී

දකිමින් සියළු අහුමුළු

කළු-සුදු අතර

විසිරෙන

පිළිස්සෙන

කඳුළින් පෙඟෙන

ලෙයින් තෙත් වන

සුදු කරදාසි

කළු ඉරි කැබලි ඇසුරෙන්

සාක්ෂි බවට පෙරළමින්

 

නොසොයනු ඉසඹුවක්

නොනිඳනු එක් මොහොතක්

අගුළු ලෑ දොර කවුළු හරින්නට

පියවා නිහඬ කළ දෙතොල් යළි අරින්නට

 

සෙනෙහසේ, මිනිසත්කමේ

දිය බින්දු ඉසින්නට

හැකි නුඹට පමණයි

යකඩ, ගින්දර රජයන ලොවට……..

Posted in අකුරු වියමන් | Leave a comment