සිහල කලා කරුවාණනේ….

යකඩ බට කට වටට
සවණක් රැසින් දිදුලන
ආලෝක මාලා පළඳන්න
ගිණි කණ වැටුණු දෑසින්
පසඟ බිම හොවනා ලෙසින්

එන්න එක්වී
එකම යායකැයි ඔබමැ කී
නව නිදහස් ගුවන සිසාරා
මානුෂීයත්වයේ
ජාත්‍යාලයේ
ජන මූල සංස්කෘතියේ
මිණි බැඳුණු තටු පැළැඳ

අපේ හදවත් හඳුණන
අපට පෙර මඟ කියා දෙන
සොඳුරු හදවත් ඇති
සිහල කලා කරුවාණනේ
සිහල කලා කරුවාණනේ

About sithuminir

Simple and Ordinary. A person trying to live in the "present moment" and with freedom in mind.
This entry was posted in අකුරු වියමන්. Bookmark the permalink.

1 Response to සිහල කලා කරුවාණනේ….

  1. Ruwan Thranga says:

    sebawinma wishistay

Leave a comment